May 10, 2024

උහන ප්‍රා. සභාවත් මහින්ද ඉල්ලයි

February 26, 2015

මීළඟ මහ මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ යුතු බවට උහන ප‍්‍රාදේශීය සභාවේ අද (26දා) ඉදිරිපත් වූ යෝජනාව එක්සත් ජනතා නිදහස් සංවිධානයේ සියලුම මන්ත්‍රීවරු ඒකමතිකව අනුමත කළ බව වාර්තා වෙයි.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත් කළ යුතු බවට  ප‍්‍රාදේශිය සභා මන්ත්‍රී ආනන්ද ගමගේ මහතා යෝජනා කළ අතර හිටපු සභාපති රංජිත් ඒකනායක මහතා එය අනුමත කර ඇත. මේ පිළිබඳ ජන්දය විමසන අවස්ථාවේ එ.ජා.ප. මන්ත්‍රීවරු සභා ගැබේ නොසිටීමද විශේෂිතය.

 

Rate this item
(0 votes)