May 10, 2024

'රගර් ක්‍රීඩක වසීම්ගේ මරණය ස්වභාවික අනතුරකින් සිදු වූවක් නොවේ' - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

February 26, 2015

ආන්දෝලනයට තුඩුදුන් දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වූ වසීම් තාජුදීන්ගේ මරණය ස්වභාවික අනතුරකින් සිදුවූ මරණයක් නොවන බව තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසූවේ අද (26) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

අදාළ මරණය සැකසහිත බැවින් ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයෙන් ඉවත්කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේ පොලිස්පතිවරයා විසින් බාරදී ඇති බව ද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

මෙම මරණයට අදාළව පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා විසින් ලබාදුන් වාර්තාවේ සඳහන් තොරතුරුවලට අනුව කාබන් මොනොක්සයිඩ් ක්‍රීඩකයාට බහුලව ශරීරගතව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසී ය.

මේ පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තාව බොහෝ කාලයක් යනතුරු ලබාදී නොතිබුණු නමුත් පසුගිය පෙබරවාරි මස 12 වන දින එම වාර්තාව ලබාදී ඇතත් එහි සඳහන්ව ඇත්තේ තත්ත්වයන් අනුව නිගමනයක් ලබාදීමට නොහැකි බව අජිත් රෝහණ මහතා පෙන්වා දුන්නේය.

2012 වසරේ මැයි මස 17 වන දින ස්වකීය මෝටර් රථය සමගින් වසීම් තාජුදීන් දැවී ජීවිතක්ෂයට පත්ව තිබුණු බවත්, එය රිය අනතුරක් විය හැකි බවත් මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි.

 

Rate this item
(0 votes)