May 10, 2024

'චොකා මල්ලී' බලන්න හිටපු ජනපති යයි

February 26, 2015
රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින හිටපු නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර නොහොත් චොකා මල්ලී ඇතුළු පිරිස බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කුරුවිට බන්ධනාගාරයට ගොස් ඇතැයි වාර්තාවේ.
 
සබරගමු පළාත් සභා ඇමතිවරුන් වන රංජිත් බණ්ඩාර හා අතුල බණ්ඩාර රාහුබද්ද යන මහත්වරුද හිටපු ජනාධිපතිවරයා සමග පැමිණ තිබේ.
 
විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිගැනීමේ රැළියට වේදිකාව සරසද්දී වෙඩි තබා එජාප ආධාරකරුවකුවන ශාන්ත දොඩම්ගොඩ මහතා වෙඩි තබා ඝාතනය කළ බවට සැකපිට නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර කළේය.
 
Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 22:30