May 10, 2024

ජනපති බ්‍රිතාන්‍යයේ සංචාරයක - එලිසබෙත් රැජිනගෙන් දිවා භෝජනයකටත් ඇරයුම්

February 26, 2015

ලබන මාර්තු 07 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවන බව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

එම සංචාරය අතරතුර මාර්තු මස 11 වැනි දින බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින සමඟ දිවා භෝජනයකට සහභාගි වීමට නියමිත බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතව සිටින අමාත්‍යවරයා බී.බී.සී. සංදේශය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කර තිබේ.

බ්‍රිතාන්‍යයේ  එලිසබෙත් මහ රැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බ්‍රිතාන්‍යය සංචාරයේ නිරත වන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.

මේ අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලබන මස 31 වැනිදා පකිස්ථානයේද සංචාරය කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 07:57