May 10, 2024

කේ.පීගේ වාර්තාව මාස 06කින් අධිකරණයට 

February 26, 2015

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර නායක මෙන්ම හිටපු අවි සැපයුම්කරු කුමරන් පද්මනාදන් නොහොත් කේ.පී. පිළිබඳ වාර්තාව තවත් මාස හයකින් අධිකරණයට ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.

කේපී අත්අඩංගුවට ගන්නැයි ජනතා විමක්ති පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා අභියාචනාධිකරණට ගොනු කළ නඩු විභාගය අද (26) කොළඹ අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ විභාග කෙරිණි.

එහිදී අධිකරණයට කරුණු දැක්වූ නීතිපතිවරයා කේපී සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් මාස 6කින් අධිකරණයට ඉදිරිපත් කරන බව පැවසීය.

ඒ අනුව ජවිපෙ විසින් ගොනු කරන ලද එම නඩුව අගෝස්තු මස 31 වන දිනට කල් තබා තිබේ.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තු නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ජවිපෙ විසින්‍ ගොනු කළ මෙම නඩුවේ සිද්ධි වශයෙන් ගත් කළ සිද්ධි 193ක් පමණ පවත්නා බැවින් එවැනි සිද්ධි ප්‍රමාණයකට අදාළව වාර්තා සැකසීම සඳහා කෙටි කාලයකින් හැකියාවක් නොපවතින බැවින් මාස 06ක පමණ කාලයක්වත් අවශ්‍යය බව පෙන්වාදී ති‍බේ.

ජවිපෙ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනිල් වටගල මහතා මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසූවේ එකී කරුණු සම්බන්ධයෙන් අධිකරණය විසින් තම පාර්ශවයෙන්ද විමසා බලා ඒ සඳහා මාස 06 ක කාලයක් ලබාදුන් බවයි.

Rate this item
(0 votes)