May 10, 2024

රටහැර ගිය හිටපු පොලිස් ප්‍රකාශක යළි දිවයිනට - විශේෂ හෙළිදරව්වට සූදානම්?

February 26, 2015

ශ‍්‍රී ලංකාව අතහැර ගොස් ඔස්ටේ‍්‍රලියාවේ රැඳී සිටි හිටපු පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප‍්‍රිශාන්ත ජයකොඩි මහතා මේවන විට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට පැමිණ තිබේ.

ඔහු ඩුබායි සිට පැමිණි එමරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 340දරන ගුවන් යානයෙන් අද (26) පස්වරු 1.10ට දිවයිනට පැමිණ ඇත. 

දිවයිනට පැමිණීමෙන් පසු විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට ද ඔහු සූදානමින් සිටින බව බව ආරංචි මාර්ග පවසයි. 

ප‍්‍රිශාන්ත ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් කොළඹදී අද පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙන අතර එහිදී මෙම හෙළිදරව්ව සිදුකරනු ඇති බව වාර්තා වේ. 

රාජකාරී කටයුතුවලදී තමන්ට එල්ල වූ තර්ජන සහ බාධා කිරීම් හේතුවෙන් ඔහු ශ‍්‍රී ලංකාව අතහැර ගොස් ඔස්ටේ‍්‍රලියාවේ රැඳී සිටියේය. 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 14:04