May 10, 2024

රජයට ආශිර්වාද පතා ගංගාරාමයේ පිංකමක්  

February 26, 2015

රටේ සහ සමස්ත ලක්වාසී ජනතාවගේ මතු අනාගතයේ මෙන්ම වත්මන් රජයේ යහපත් පාලනයේ සාර්ථකත්වය අරමුණු කොට ගෙන ඊයේ (25) සවස කොළඹ හැණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ දී අතිපූජ්‍ය ගලබොඩ ඥාණිස්සර නායක ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් හා ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ මූලිකත්වයයෙන් විශේෂ ආශිර්වාදාත්මක බෝධිපූජා පින්කමක් පවත්වන ලදි.

අභ්‍යන්තර ප‍්‍රවාහන හා ගමනාගමන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප‍්‍රධානත්වයෙන් මෙම බෝධිපූජා පින්කම සංවිධානය කර තිබූ අතර ඊට විද්වත් හා ප‍්‍රභූ පිරිසක් සහභාගී විය.

රංජිත් මද්දුමබණ්ඩාර මහතා සිය නව අමාත්‍ය ධුරයේ රාජකාරි බාර ගැනිම සහ ප‍්‍රවාහන හා ගමනාගමන ක්ෂේත‍්‍රය සඳහා අමාත්‍යවරයා විසින් කි‍්‍රයාත්මක කිරීමට නියමිත නව්‍ය සංකල්ප හා වැඩපිලිවල උදෙසා මෙහිදී ආශිර්වාද පිරිනමන ලදි. 

සිය අමාතයාංශයේ රාජකාරී කටයුතු නිසි පරිදි සාර්ථක කරගැනීම උදෙසා මෙන්ම මහජනතාව වෙත කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් සැපයීම උදෙසා සිය අමාත්‍යාංශයේ ලේකම් ලලිතසිරි ගුණරුවන් මහතා ප‍්‍රධාන කාර්ය මණ්ඩලයේ කැපවීම සහ දායකත්වය මෙහිදී අමාත්‍යවරයා විසින් ඇගයීමට ලක්කරන ලදි.

රාජපක්‍ෂ රෙජීමයේ දූෂණ, අක‍්‍රමිකතා සහ වංචාවන් පිලිබඳවත් ඉන් රටට සහ ජනතාවට ඇතිවූ හානිදායී ප‍්‍රතිවිපාක ගැනත් ගලබොඩ ඥාණිස්සර නායක හිමියන් සිය අනුශාසනාවේ දී දැඩිව විවේචනය කරන ලදි. ඒ උගත් පාඩම් වලින් වත්මන් රජය සිය පාලන කටයුතු යහපත්ව ඉදිරියට කරගෙනයාම සඳහා අධිෂ්ඨාන කරගත යුතු බැව් උන්වහන්සේ අවධාරණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 13:47