May 10, 2024

යාපනයේ පිපිරීමක් ගැන පොලිස් පරීක්ෂණ

February 26, 2015

යාපනය, චාවාකච්චේරිය සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට ඊයේ (25) රාත‍්‍රී 9.30ට පමණ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් පොලිස් ආරංචි මාර්ග පවසයි.

දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැති බව චාවකච්චේරි පොලිසිය පවසයි.

කෙසේවෙතත් මෙය බෝම්බ පිපිරීමක් ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 

(ප්‍රභාත් මාතරගේ)

 

Rate this item
(0 votes)
Last modified on Friday, 27 February 2015 09:40