May 10, 2024

අගමැතිගෙන් රජීව් ට පොතක් / පොත් කියවන්න වෙලවක් නෑ - රජීව්

February 26, 2015

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් Butler’s ‘Art Of The Possible’ කෘතිය කියවන ලෙසට තමාට පවසා පසු දින යළි කතා කරන්නම් කීවද අදට දින 10 ක් ගෙවී ඇති නමුත් තවමත් කතා නොකළ බව රජිව් විජේසිංහ මහතා පෙන්වා දෙයි.

“අගමැතිතුමා 16 හවස මට කතා කළා. එතුමා කිවුවා Butler’s ‘Art Of The Possible’ පොත කියවන්න, මම 17 වැනිදා කතා කරන්නම් කියලා. අද 26 යි. එතුමා හිතනවාද දන්නෑ මම තාම පොත කියවනවාද කියලා. මොකද අදට දින 10 ක් වෙනවා. ඉතින් එතුමා හිතනවාද දන්නෑ සාමාන්‍යයෙන් පොත කියවන්න එච්චර කාලයක් යනවා ඇති කියලා.”යනුවෙන්ද සඳහන් කර ඇත.

අගමැතිවරයා විසින් රජීව් විජේසිංහ මහතාට එම පොත කියවන්නට යැයි පවසන ලද්දේ එහි ඇති චරිතය ආදර්ශයට ගැනීමේ අපේක්ෂාවෙන් වන්නට ඇතැයි අනුමාන කෙරෙන අතර එකී පොතේ බ්‍රිතාන්‍යයේ දෙවැනියාට සිටි නායකයෙක් පිළිබඳ කියැවෙන බවත් සඳහන්.

කෙසේවෙතත් රජීව් විජේසිංහ මහතා පෙන්වා දෙන්නේ තමා කැමැති පොත් කියවනවාට වඩා වැඩ කිරීමට බවත් යහපාලනයේ වචනයේ හැටියට වැඩ නොමැති බවක් පෙනෙන්නට ඇති බවත්ය.

Rate this item
(0 votes)