May 10, 2024

උත්සවයකට පැමිණි සජින් ට හූ කියමින් බාධා කරයි

February 26, 2015

උත්සවයකට පැමිණි සජින් වාස් ගුණවර්ධන මහතා කථා කරද්දී එහි පැමිණි එක්සත් ජාතික පාක්ෂිකයෝ පිරිසක් හූ කියමින් ඔහුගේ කථාවට බාධා කළ පුවතක් වාර්තා වෙයි.

කොස්ගොඩ ඉන්ධන පිරවුම් හළක් විවෘත කිරීමේ අවස්ථාවකට මෙලෙස සජින් වාස් ගුණවර්ධන මහතා එක් වී ඇති අතර පසුව සිය කථාව නතර කර හූ හඬ මැද්දේම රැස්වීමෙන් පිටව ගිය බවත් වාර්තා වෙයි.

එම රැස්වීමට එක්සත් ජාතික පක්ෂ සංවිධායක කමල් ජයන්ත ද සොයිසා මහතා හා බලපිටිය ප්‍රාදේශීය සභාවේ එජාප මන්ත්‍රී කුෂාන්ත මෙන්ඩිස් ප්‍රථමයෙන් පැමිණ අසුන්ගෙන සිටි ඇති අතර සජින් වාස් ගුණවර්ධන මහතා එහි එනු දුටු ඔවුහු රැස්වීමෙන් පිටව ගොස් ඔවුන් දෙදෙනා ඇතුළු පිරිසක් යළි එහි එන විට ගුණවර්ධන මහතා කථා කරමින් සිට ඇත. එහි සිටි පිරිස් ‘හොරා හොරා‘ යනුවෙන් පවසමින් හිරේ සිටිය යුතු අය රැස්වීමට ඇවිල්ලා යනුවෙන් කෑ ගසා ඇති බවයි වාර්තා වෙන්නේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 11:49