May 13, 2024

ලංකාවෙන් ප්‍රශ්න අහන්න UN නියෝජිතයෙක් එයි

February 26, 2015

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන් කී මූන් මහතාගේ ඉහළ දේශපාලන නිලධාරියෙකු වන ජෙෆ්රි ෆෙල්ට්මන් (Jeffrey Feltman) මහතා එළඹෙන සෙනසුරාදා (28) දියිනට පැමිණීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළ වාර්තාවක දැක්වේ.

ජෙෆ්රි ෆෙල්ට්මන් මහතාගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරයද මෙය වන අතර ඔහු මෙරට දේශපාලන සහ දේශපාලන නොවන නායකයන් සමඟ විවිධ ප්‍රශ්න සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව බෑන් කී මූන් මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆන් (Stephane Dujarric) මහතා පවසා ඇත.


ඒ අනුව මෙම සංචාරයේ දී ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, දේශපාලන පක්ෂ නියෝජිතයන් හා සිවිල් සංවිධාන නියෝජිතයින් සමඟ එක්සත් ජාතීන්ගේ නියෝජිතවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Rate this item
(0 votes)