May 12, 2024

ඇමති මංගල හෙට චීනයේ

February 26, 2015

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා හෙට සහ අනිද්දා චීනයේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබේ.

චීන සංචාරයෙන් අනතුරුව මංගල සමරවීර මහතා ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර සංචාරයක නිරතවීමට ද නියමිත බව නියෝජ්‍ය විදේශ කටයුතු අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සදහන් කරයි.

මෙම සංචාරය තුළ දී විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා චීන අග්‍රාමාත්‍යවරයා ඇතුළු එරට ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිතය.

විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේ නිරත වන්නේ ලංකාවේ මෙන්ම චීනයේත් වඩාත් කතාබහට ලක්ව ඇති මාතෘකාවක් වන කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් පිළිබඳව මතභේදාත්මක තත්ත්වයක් මධ්‍යයේ වීමත් විශේෂිතය. මෙම නගරය ඉදිකිරීම චීන දැවැන්ත ව්‍යාපෘතියකි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 10:36