May 12, 2024

UNP ය දේශපාලන දඩයම අරඹලා - දිනේෂ්

February 26, 2015

ජනතාවට ලබාදුන් දින සියයේ පොරොන්දුව පිටුපස තබාගෙන දේශපාලන දඩයමක වත්මන් ආණ්‌ඩුව නිරතව සිටින බව මහජන එක්‌සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.

දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (25) කොළඹ පිහිටි බස්‌නාහිර පළාත් සංස්‌කෘතික නිඛේතනයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව පවසා ඇත. නුගේගොඩ 18 දා පැවති රැලිය දේශපාලන වෙනසකට මුල පිරූ ආරම්භයක්‌ බවත් එම රැස්‌වීම නතර කිරීමට බොහෝ අය මහන්සි වූ බවත් නියෝග දුන් බවත් පෙන්වා දී ඇත.

වත්මන් රජය දින සියයේ කාලසටහනේ පිටුපස සිටින බවත් ඒ ගැන පසුගියදා පාර්ලිමේන්තුව තුළත් පෙන්වූ බවත් දින සියය ජනතාව රැවටූ ක්‍රියාවලියක් බවත් දිනේෂ් ගුණවර්ධන මහතා චෝදනා කර සිටි.

“එජාපය අද දේශපාලන දඩයමක්‌ ආරම්භ කර තිබෙනවා. යහපාලන ආණ්‌ඩුව රාජ්‍ය සේවයේ යහපාලනය උල්ලංඝණය කරලා. රාජ්‍ය යාන්ත්‍රණයේ බුද්ධිමතුන්ට, උගතුන්ට අපහාසයක්‌ වෙලා. කිසිදු වැඩපිළිවෙළක්‌, අවබෝධයක්‌ නැහැ. ඉපැරණි කරුණකට විමල් වීරවංශ හා එම මහත්මියට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙලා. තිස්‌ස අත්තනායක හිර කළා. ඇප දිය හැකි චෝදනාවලට ඇප නොදී හිර කරලා”.යනුවෙන්ද පැවසීය.

Rate this item
(0 votes)