May 14, 2024

ගුවන් තොටුපොල ආරක්ෂක ප්‍රධානී ඉවතට

February 26, 2015

පසුගිය රජය පැවති කාලයේ ගුවන් තොටුපොළ තුළ විනය විරෝධී ක්‍රියා සිදුකළ බවට චෝදනා ලබා සිටි ආරක්ෂක ප්‍රධානී චින්තක කුමාරණසිංහ මහතා ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග මහතා ගේ උපදෙස් පරිදි එම තනතුරින් ඉවත්කර ඇත.

ගුවන් තොටුපොළ සභාපති ආනන්ද විමලසේන, උප සභාපති සංජීව විජේරත්න, විධායක  අධ්‍යක්ෂිකා රුවිනි ඩයස් බණ්ඩාරනායක මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්.

පසුගිය කාලයේ ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් බහුතරය බොහෝ කලකිරීමෙන් සිටි බවත් ජාත්‍යන්තර ගුවන් සේවා නීතිවලට අනුව ආරක්ෂක නිලධාරීන් කළකිරීමෙන් යුතුව සේවය කිරීම  ආරක්ෂාවට බලවත් තර්ජනයක් බවත් ගුවන් තොටුපොල නිදහස් සේවක සංගමය පෙන්වා දෙයි.

Rate this item
(0 votes)