May 13, 2024

මහමැතිවරණයට ‘එජාපයේ’ බිම් මට්ටමින් වැඩ ඇරඹේ

February 26, 2015

ඉදිරි මැතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාර කටයුතු බිම් මට්ටමින් ආරම්භ වී ඇතැයි ජනමාධ්‍ය සහ පාර්ලිමේන්තු ඇමති ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.

නව ආසන සංවිධායකවරුන් පත්කිරීම සඳහා පක්ෂ මූලාස්ථානයට අයදුම්පත් දැනටමත් විශාල සංඛ්‍යාවක් ලැබී ඇතැයිද ඉදිරි දින කිහිපය තුළදී පක්ෂයේ ජාතික නායක අගමැති රනිල් වික්‍රමසිංහ, සභාපති මලික් සමරවික්‍රම සහ මහ ලේකම් කබිර් හෂිම් මහත්වරුන් ප්‍රධාන තේරීම් කමිටුව සාකච්ජා කර නව සංවිධායකවරුන් පත් කෙරෙනු ඇතැයිද වාර්තා වේ.

දිස්ත්‍රික් මට්ටමින් පක්ෂයේ ක්‍රියාකාරීන් සහ සාමාජිකයින් මුණ ගැසී ඔවුන් දැනුවත් කිරීමේ දීප ව්‍යාප්ත රැස්වීම් මාලාවකට පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වන බවත් එහිදී සඳහන් විය.

පසුගිය 8 දා පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මහ මැතිවරණය සංවිධානය කිරීම සඳහා කමිටු පත් කිරීමේ බලය පක්ෂ නායකවරයාට පැවරුණු අතර එම කමිටු ඉදිරි සතියේදී පත් කෙරෙන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 08:49