May 12, 2024

නව ආණ්ඩුවට එරෙහිව ‘ජවිපෙ’අද කොටුවේ

February 26, 2015

නව ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු මෙතෙක් ඉටු නොකිරීමට එරෙහිව අද (26 දා) සිට ජනතාව පෙළගස්වන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ජවිපෙ චෝදනා කරන්නේ දින100 වැඩපිළිවෙළ යටතේ පසුගිය කාලයේ සිදුවූ මහා පරිමාණ දූෂණ වංචා පිළිබඳව සොයාබලා දඬුවම් දෙන බවට නව ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුවත්, මෙතෙක් එම පොරොන්දුව ඉෂ්ට වී නොමැති බවය.

දින 100 වැඩපිළිවෙළ යටතේ දින 50 ක කාලයක් ගතව තිබුණද මෙතෙක් දූෂණ වංචා සිදුකළ පුද්ගලයන් පිළිබඳව සොයා බැලීමක්වත් සිදුකර නොමැති බවත්, මේ නිසා එය කඩිනමින් සිදුකරන ලෙස ඉල්ලා අද (26දා) කොටුව දුම්රියපළ ඉදිරිපිටදී විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)