May 12, 2024

'විමල් වීරවංශ සන්ධානයේ නෑ' - විපක්ෂ නායක (VIDEO)

විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත් ඔවුන් මැතිවරණයකදී නිදහස් පක්ෂයෙන් ටිකට් එක රැගෙන තරඟ කරන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ හිරු රූපවාහිනී නාලිකාව ඔස්සේ පසුගිය 24 වැනිදා රාත්‍රි විකාශය වූ සම්මුඛ සාකච්ඡාවට සහභාගී වෙමිනි.

නුගේගොඩ රැස්වීමට සහභාගී වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කිසිදු ආරාධනාවක් නොලැබුණු බවත් එවැනි තත්ත්වයක් යටතේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් රැස්වීමට සහභාගී වීම වරදක් බවට ජනාධිපතිවරයා සිය මතය ප්‍රකාශ කළ බවත් ඔහු සඳහන් කළේය.

සන්ධානයේ පක්ෂ ගණනාවක් නොමැති බවත් මහජන එක්සත් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය සිටින බවත් විමල් වීරවංශ මහතා එක්සත් නිදහස් සන්ධානයේ නොවන බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 22:19