May 12, 2024

අද දිවයිනට එන හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ හෙළිදරව්වක්

February 26, 2015

විදේශ ගතව සිටින හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද(26) දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

රාජකාරී කටයුතු කිරීමේ දී තමාට තර්ජන එල්ලවන බව පවසමින් ප්‍රිශාන්ත ජයකොඩි මහතා ඔස්ට්‍රේලියාවට ගොස් එහි  රැඳී සිටි අතර පසුව ඔහු ඔස්ට්‍රේලියාවේ සිට විශේෂ ප්‍රකාශයක්ද නිකුත් කළේය.

අද දිනයේ දිවයිනට පැමිණෙන ඔහු විශේෂ හෙළිදරව්වක් සිදුකිරීමට නියමිත බව වාර්තා වේ.

ප්‍රිශාන්ත ජයකොඩි මහතා අද පස්වරුවේ කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත වන අතර එහිදී මෙම හෙළිදරව්ව සිදුකරනු ඇති බව වාර්තා වේ.

ඔහු අවසන් වරට රත්නපුරයේ සේවය කරන කාලය තුල ඇඹිලිපිටිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල සහ රත්නපුර නියෝජ්‍ය නගරාධිපතිවරයා ගෙන්ද එල්ලවූ මරණිය තර්ජන එල්ල වී තිබුණේ යයි වාර්තා පල විය.

Rate this item
(0 votes)