April 28, 2024

මහින්ද අගමැති කරන්නැයි අත්සන් දසලක්ෂයක් 

February 26, 2015

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන්න යැයි ඉල්ලා දසලක්ෂයක මහජන පෙත්සමකට අත්සන් ලබාගැනීම අද (26) පස්වරු 03.00ට කොළඹ කොටුව දුම්රිය ස්ථානය අසලින් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවෙන් මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන්නැයි ඉල්ලා සිටීමේ මෙම මහජන පෙත්සමට පිවිතුරු හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක් එක්ව අත්සන් ලබා ගැනීම සිදු කෙරේ.  

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රමුඛ මහජන නියෝජිතයින් පිරිසක් සහභාගිවීමට නියමිත අතර, පස්වරු 03.00ට ජය පිරිත් දේශනා මධ්‍යයේ අත්සන් ලබාගැනීම ඇරඹේ.

Rate this item
(0 votes)