April 28, 2024

ජනපති පළාත් පාලන නියෝජිතයින් හෙට හමුවෙයි

February 26, 2015

පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (27) පස්වරු 5.00ට ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. 

මෙම විශේෂ හමුව නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන අතර එක් දිස්ත්‍රික්කයකින් පළාත් පාලන නියෝජිතයන් දෙදෙනකු හෝ තිදෙනකු සහභාගි වීමට නියමිතය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයන් සම්බන්ධව ගැනීමට නියමිත තීරණ, වත්මන් දේශපාලන තත්ත්වය හා කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා ඇතැයි පළාත් පාලන නියෝජිතයෝ පැවසූහ.

Rate this item
(0 votes)