April 28, 2024

වාස් ගෙන් පැය 4 ½ ක ප්‍රශ්න කෙරේ

February 25, 2015

පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් අද (25දා) සිදු කරන ලද පැය 4 ½ ක  ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව යළිත් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා ලබන සතියේ  පැමිණෙන ලෙස අපරාධ විමර්ශන අංශය ඔහුට සඳහන් කර ඇත.

අයථා වත්කම් රැස්කිරීම් පිළිබඳව අපරාධ විමර්ශන අංශය විසින් මෙම ප්‍රශ්න කිරීම් සිදු කරයි.

දූෂණ විරෝධී හඬ සංවිධානය මගින් සජින් වාස් මන්ත්‍රීවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට හා රහස් පොලීසියට  පැමිණිලි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම විමර්ශන ඇරඹිණි.

මේ පිළිබඳව අදහස් දැක්වූ වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා කියා සිටියේ තමා සියලු චෝදනාවලින් නිර්දෝෂී බව ඔප්පු වන තෙක් නිහඬව බලා සිටින බවය.

ඉන් අනතුරුව තමාට එරෙහිව බොරු පැමිණිලි කළ සියලු දෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය.

Rate this item
(0 votes)