April 28, 2024

යෝෂිත රාජපක්ෂ මහින්දගේ ආරක්ෂක බල ඇණියට

February 25, 2015

හිටපු ජනපති පුත් නාවික හමුදා ලුතිනන් යෝෂිත රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයකු ලෙස අනුයුක්ත කර ඇතැයි නාවික හමුදා මාධ්‍ය අංශයෙන් ඒෂියන් මිරර් කළ විමසීමකදී සඳහන් කළේය.

තමා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෙකු ලෙස අනියුක්ත කරන ලෙස යෝෂිත රාජපක්ෂ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් මීට පෙර ලිපියක් මගින්ද ඉල්ලා තිබිණි.

යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවට බැඳුණු ආකාරය හා උසස්වීම් ලැබුණු ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණ ආරක්ෂක ලේකම්ට සහ නාවික හමුදාපති වෙත පැමිණිල්ලක්ද කර තිබුණි. ඒ සම්බන්ධයෙන් ද විමර්ශනයක් මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවත් නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

කෙසේවෙතත් යෝෂිත රාජපක්ෂ මහතාගේ අදාළ අනියුක්ත කිරීම තුළ කිසිදු නිලතල මාරු කිරීමක් සිදුවී නොමැති බවත් එම අනියුක්ත කිරීම ඉකුත් පෙබරවාරී  01 වැනිදා සිට වලංගු වන පරිදි ලබා දී ඇති බවත් නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 18:12