April 28, 2024

ක්‍රිකට් සභාපති පුටුවට අර්ජුන තීරණයක් ගන්න යයි

February 25, 2015

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම, වරාය හා නාවික ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඉදිරි ක්‍රිකට් නිලවරණයට තරඟ කිරීමට නියමිත බව වාර්තා වේ.

ක්‍රිකට් සභාපති ධුරයට ඉදිරිපත් වීමට ක්‍රීඩා සමාජ, හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් මෙන්ම 1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් මෙන්ම බොහෝ දෙනෙක්ගෙන් ඉල්ලීම් ඉදිරිපත්වී ඇතැයිද අර්ජුණ රණතුංග මහතා සඳහන් කරයි.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් හෙතෙම සඳහන් කරන්නේ ක්‍රිකට් නිලවරණයේදී සභාපති ධුරයට තරග කිරීමට ඉදිරි සති කිහිපයේදී තීරණයක් ගන්නා බවත් මේ දක්වා සභාපති ධුරයට තරග කිරිමට තීරණයක් ගෙන නොමැති බවත්ය.

එසේම ක්‍රිකට් සභාපති ධුරයට තමන් ඉදිරිපත් වන්නේ නම් එය සිදුකරන්නේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව නිවැරදි මාවතකට යොමු කිරීමේ අරමුණින් බවත් පුද්ගලයන්ගේ පටු අවශ්‍යතා වෙනුවෙන් ඒ සඳහා ඉදිරිපත් නොවන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 16:50