April 28, 2024

හොර ඒජන්සිකරුවන් වටලන්න ඇමතිවරිය සූදානම්

February 25, 2015

ලියාපදිංචියකින් තොරව හොර රහසේ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීමේ ඇතැම් රැකියා ඒජන්සිකරුවන් පිළිබඳව සියලු තොරතුරු තමා සතු බැවින් ඔවුන්ට තරාතිරම නොබලා  අවශ්‍ය පියවර ගන්නා බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පෙන්වා දෙයි.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් ඇමතිවරිය මේ බව පැවසීය.

එමෙන්ම විදේශ ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේදී සිදුවන අපහසුතා මග හැරවීමට අදාළ පාර්ශවයන් සමග සාකච්ඡා කර අවසන් ක්‍රියාමාර්ගයන් ගන්නා බවත් ඇමතිවරිය සඳහන් කරයි.

Rate this item
(0 votes)