April 28, 2024

අගමැති අපේක්ෂකයා දැන්ම හෙළි කරන්න එපා

February 25, 2015

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අගමැති අපේක්ෂකයා පිළිබඳව කලින් හෙළි නොකරන්නැයි ශ්‍රී.ලං.නි.ප තරුණ පළාත් සභා මන්ත්‍රීවරු පිරිසක් අද (25දා) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එම පක්ෂයේ නායකයින්ගෙන් ඉල්ලීමක් කළහ.

ඒ සඳහා පළාත් කිහිපයක් නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටි අතර දකුණු පළාත නියෝජනය කරමින් පසඳ යාපා අබේවර්ධන, දුල්ෂාන් පද්මසිරි කාරියවසම්, මධ්‍යම පළාතෙන් අනුරාධ ජයරත්න,පියුමාල් හේරත්, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, බස්නාහිර පාළාතෙන් මල්ෂා කුමාරතුංග, සබරගමුව නියෝජනය කරමින් තාරක බාලසූරිය, චමිල දිසානායක, වරුණ ලියනගේ, දුෂ්මන්ත මිත්‍රපාල, ප්‍රභාත් ද අල්විස් යන මන්ත්‍රීවරුන් එක්ව සිටියහ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 16:26