May 11, 2024

අධ්‍යාපන ඇමති ලෙස තවත් අයෙක් - පරීක්ෂණ අරඹයි

February 25, 2015

කිසියම් පුද්ගලයෙකු විසින් තමා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස හඳුන්වමින් පසුගියදා බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විමල් ගුණරත්න මහතාට දුරකථන ඇමතුමක් ලබාදී තිබේ.

මේ වන විට අධ්‍යාපන අමාත්‍යවරයාගේ නමින්  දුරකථන ඇමතුමක් ලබාදුන් එම පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතිබව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

යම් අධ්‍යාපනික කටයුත්තක් ඉටුකර ගැනීම සඳහා අදාළ පුද්ගලයා විසින් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට එම දුරකථන ඇමතුම ලබාදී ඇති බවත් සඳහන්ය.

මෙවැනි ව්‍යාජ ඇමතුම් ලබාදෙන පුද්ගලයින් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන අතර යම් හෙයකින් පාසලකට එවැනි ඇමතුමක් ලැබුණොත් එය නිසිලෙස තහවුරු කරගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරිවසම් මහතා අවධාරණය කර ඇත.

Rate this item
(0 votes)