May 11, 2024

ෆොන්සේකා මන්ත්‍රී ධූරය ඉල්ලා නඩු මගට බසී

February 25, 2015

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඔහු ඉන් ඉල්ලා ඇත්තේ තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසය. එමෙන්ම තම මන්ත්‍රී ධූරය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතාගේ පත්කිරීම අවලංගු කරන ලෙසද ඉල්ලා ඇත.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයා, මැතිවරණ කොමසාරිස්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම්කර තිබේ.

අදාළ පෙත්සම මඟින් සරත් ෆොන්සේකා මහතා පවසා ඇත්තේ යුධ අධිකරණය මගින් වරදකරුවෙකුවීමෙන් අනතුරුව තමන්ට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කෙරුණු බවය.

එහෙත් මේ වන විට තමන් සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බැවින් එම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමට හැකියාව පවතින බවද සඳහන් කර ඇත.

Rate this item
(0 votes)