May 11, 2024

විරෝධතා පැවැත් වූ වැලි රියදුරන් අත්අඩංගුවට ගන්න මෙහෙයුම්

February 25, 2015

පොළොන්නරුව වැලි තහනම ඉවත්කර දෙන මෙන් ඊයේ සහ පෙරේදා සිට විරෝධතා ඇරඹූ වැලි කම්කරුවන් සහ වැලි ටිපර් රථ රියදුරන් අද පෙරවරුවේ සිට පොළොන්නරුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනිමින් සිටින බව එහි සිටින අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව මේ වන විට එක් රියදුරෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ටිපර් රථ 04 ක්ද පොලිස් භාරයට ගෙන තිබේ. තවත් පුද්ගලයින් 17 දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතන ඇති බවත් වාර්තා වෙයි.

මෙසේ පිරිස අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත්තේ පෙරේදා (23) ජනාධිපතිවරයා පොළොන්නරුවට පැමිණ සිටි දින මොවුන් විසින් සංවිධානය කර තිබූ විරෝධතා පා ගමන හේතුවෙනි.

එදින පැවැති විරෝධතා පා ගමන අත්හිටුවීම සඳහා පොළොන්නරු පොලිසිය විසින් උසාවි නියෝගයක් ගෙන ඇති අතර ඊට අනුව මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට පියවර ගනිමින් සිටින බවයි අප වාර්තාකරු පැවසූවේ.

කෙසේවෙතත් වැලි ටිපර් රථ රියදුරන්ගේ සංගමය පවසන්නේ එවැනි උසාවි නියෝගයක් එදින පොලිසිය විසින් සඳහන් නොකළ බවත් ඒ පිළිබඳව නොදැන සිටි බවත්ය. එම අවස්ථාවේ විරෝධය පැවැති ස්ථානයට පැමිණි උතුරුමැද පළාත් ආණ්ඩුකාරවරයාගේ ලේකම්වරයාගේ එකඟතාවය පරිදි විරෝධය අවසන් කළ බවද පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 13:42