May 12, 2024

ශෂී වීරවංශගේ බැංකු ගිණුම් සෙවීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලයි

February 25, 2015

හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියගේ බැංකු ගිණුම් විස්තර පරීක්ෂා කිරීමට අවසර ලබා දෙන ලෙස බැංකු 19ක කලමනාකරුවන්ට නියෝග කරන්නැයි රහස් පොලිසිය අද (25) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් ඉල්ලීමක් කළේය.

සැකකාරියගේ විදෙස් ගමන් බලපත්‍ර දෙක සහ හැදුනුම්පත් තවමත් ඇය බාරයේ ඇති නිසා ඒවා ලබා ගැනීමට අවශ්‍ය බව රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේය. ඊට අමතරව ශෂී වීරවංශ මහත්මිය රිමාන්ඩ් කරන ලෙස ද රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වීරවංශ මහත්මියගේ නීතීඥවරුන්ගේ හා රහස් පොලිසියට තවදුරටත් කරුණු ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අද පස්වරු 1.00 වන තෙක් කල් තැබීය.

බන්ධනාගාර නිලධාරීන් විසින් ශෂී වීරවංශ මහත්මිය අධිකරණයට ඉදිරිපත් කළේය.

 

Rate this item
(0 votes)