May 11, 2024

ජාතික ආණ්ඩුවට නිදහස් පක්ෂයේ ඉල්ලීම් මෙන්න

February 25, 2015

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය සහ එක්‌සත් ජාතික පක්‍ෂය එක්‌ව ඉදිරියේදී ජාතික ආණ්‌ඩුවක්‌ ගොඩනගන්නේ නම් එම ආණ්‌ඩුවේ කැබිනට්‌ ඇමැති ධුර 25 ක්‌ සහ නියෝජ්‍ය ඇමැති ධුර 25 ක්‌ ශ්‍රී.ල.නි.ප.යට හිමිවිය යුතු බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා වෙත පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු යෝජනා කර ඇත.

ජාතික ආණ්‌ඩුවේ නව කැබිනට්‌ ඇමැති ධුර පත් කිරීමේදී ප්‍රධාන ඇමැති ධුර කිහිපයක්‌ ශ්‍රී.ල.නි.ප.යට හිමිවිය යුතු බවත් මෙම ජාතික ආණ්‌ඩුව 2016 වසර දක්‌වා පවත්වාගෙන යා යුතු බවටත් ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරු යෝජනා කර ඇත.

පසුගිය රජය සමයේ විවිධ දූෂණ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ට ජාතික ආණ්‌ඩුවේ ඇමැති තනතුරු ලබා නොදිය යුතු බවටත් යෝජනා කර තිබේ.

මෙම යෝජනා සම්බන්ධව විපක්‍ෂ නායකවරයා මෙතෙක්‌ කිසිදු ප්‍රතිචාරයක්‌ දක්‌වා නැති බවත් බහුතර කැමැත්තට එකඟතාව පළකරනු ඇති බවත් විපක්‍ෂ නායක කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යෝජනා කර ඇති ජාතික ආණ්‌ඩුවට ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික නිදහස්‌ පෙරමුණ, මහජන එක්‌සත් පෙරමුණ, කොමියුනිස්‌ට්‌ පක්‍ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ විරෝධය පළ කර ඇති බවත් සඳහන්. ඔවුනගේ මතය වී ඇත්තේ අප්‍රේල් මාසය වන විට ආණ්‌ඩුව විසුරුවා හැර මහ මැතිවරණයකට යා යුතු බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 12:07