May 11, 2024

හිටපු ප්‍රවාහන ලොක්කාට ඇප - වාහන 02 ක් හමුවේ 01 අතුරුදහන්

February 25, 2015

වාහන තුනක් අතුරුදන් වී යැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි ජනාධිපති ලේකම් කාර්යාලයයේ හිටපු ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායක රුපියල් 25000 ක මුදල් හා රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කළේය.

සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත් සෑම මසකම අවසන් ඉරිදා රහස් පොලිසියේ පෙනී සිටින ලෙස ද නියෝග කළේය.

අතුරුදන් වී තිබුණු බව කියන වෙඩි නොවදින බෙන්ස් රිය හිටපු අගමැති නිල නිවස වූ විසුම්පායේ ගරාජයක ද, ජිප් රිය කොහුවල පෞද්ගලික ගරාජයක ද තිබී හමු වූබව රහස් පොලිසිය අධිකරණයට කරුණු දන්වා ඇත.

අතුරුදන් වූ බව කියන යතුරු පැදිය හමු නොවූ බවත්, එය විනාශ වන්නට ඇතැයි සැක කරන බවත්  සඳහන් කර තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 11:55