May 14, 2024

ශෂී වීරවංශ අධිකරණයට රැගෙන එයි

February 25, 2015

හිටපු අමාත්‍ය විමල් වීරවිංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කර ඇත.

බන්ධනාගාර රෝහලේ සිට ඇය බන්ධනාගාර රියකින් අධිකරණයට ගෙන එනු ලැබුවාය. ශෂී වීරවංශ මහත්මිය ඊයේ පස්වරුවේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලෙන් පිටතට රැගෙන ගියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ශෂී වීරවංශ මහත්මියගෙන් පැය හතරක පමණ කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගත් බව ඊයේ (24) පැවැති ප්‍රවෘත්ති සාකචඡාවේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

අදාළ ස්ථානය වෙත පැමිණි මහේස්ත්‍රාත්වරයා ශෂී වීරවංශ මහත්මිය අද (25) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

අද ඇය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.​

 

Rate this item
(0 votes)