May 15, 2024

පොළොන්නරුවේදී ඇල්ලූ කුඩු කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් වෙලා ද?

February 25, 2015

ඊයේ (24) රාත්‍රියේ පොළොන්නරුව පොලිසිය විසින් මත්කුඩු ලඟ තබාගෙන සිටි දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ පොළොන්නරුව සිරිසඟබෝ ප්‍රදේශයේ සහ පොළොන්නරුව ඇතුමල්පිටිය යන ප්‍රදේශවල පදිංචි අය බවත් වාර්තා වෙයි.

මේ පිළිබඳව ඒෂියන් මිරර් පොළොන්නරුව පොලිසියෙන් සිදු කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ අදාළ පුද්ගලයින් දෙදෙනා කොළඹ සිට මත්කුඩු ගෙනවිත් ඇති බවත් ඔවුන් සතුව මිලිග්‍රෑම් 15 සහ 10 යන ප්‍රමාණයන් වලින් මත්කුඩු තිබූ බවත්ය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් පොළොන්නරුවෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට පත් වෙන අවස්ථාවේදී ඔවුන් සතුව මත්කුඩු විශාල ප්‍රමාණයක් තිබූ බවත් ඉන් එක් අයෙක් පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂකයා වෙනුවෙන් දේශපාලනික වශයෙන් ක්‍රියාකාරී මට්ටමින් කටයුතු කළ අයෙකුගේ ඥාතී පුත්‍රයෙකු බවත්ය.

අදාළ පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු 19 වැනි වියේ පසුවන මලිත් මධුෂංක වන අතර අනෙකා ද 19 වැනි වියේ පසුවන සුදර්ශන හේරත් නම් වෙයි.

පොළොන්නරුව පොලිසිය සඳහන් කළේ අද මොවුන් දෙදෙනා අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවය.

මේ සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් සිදු කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුවෙන් මේ වන තෙක් වාර්තා වී නොමැති බවත්ය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 11:01