May 15, 2024

ජාතික ආණ්ඩුවේ සාකච්ඡා හෙට - නිදහස් පක්ෂයේ තවම තීරණයක් නැහැ

February 25, 2015

ජාතික ආණ්ඩුවක් සඳහා එක්සත් ජාතික පක්‍ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර සාකච්ඡා හෙට ආරම්භ වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මේ අතර අදාළ සාකච්ඡා සඳහා සන්ධානයටත් ආරාධනා කර ඇති බවත් ජාතික ආණ්ඩුවක් ඇති කිරීමට විරුද්ධ වන්නේ කලින් ආණ්ඩුවේ දූෂණ වංචා සහ වැරදි වලට සම්බන්ධ වූ පුද්ගලයන් බවත් ඔවුන් තමන්ට එරෙහිව නඩු පවරාවි යැයි කලබලයට පත්ව සිටින බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

බුදුදහම ආරක්‍ෂා කිරීම සඳහා වන නීති කිහිපයක්ද දින සියයේ වැඩපිළිවෙල යටතේ සම්මත කර ගන්නා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිරීමේ කෙටුම්පත කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද අගමැතිවරයා පෙන්වා දෙයි.

කෙසේ වුවත් අප්‍රේල් 23 දායින් පසු දිනයක පාර්ලිමේන්තුව විසුරවා ඡන්දයකට යන්නට සුදානම් වෙන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර ජාතික ආණ්ඩුවක් පිළිබඳව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණය ළඟදීම ප‍්‍රකාශයටපත් කරන බව විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.

ජාතික ආණ්ඩුවක අමාත්‍ය ධුර භාර ගත හොත් එමගින් පාක්ෂිකයා රැක ගැනීමට හැකි වේද යන්න පිළිබද මෙහිදී නිදහස් පක්ෂ මැති ඇමතිවරුන් අතර සාකච්ඡා වෙමින් පවතින බව ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම ජාතික නිදහස් පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හවුල්කාර පක්ෂයක් නොවන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 10:03