May 15, 2024

ගිය රජයෙන් පැළ බෙදන්න ගත් නිලධාරීන් නව රජයෙන් ගුරු සේවය ඉල්ලයි

February 25, 2015

ආර්ථික සංවර්ධන නිලධාරීන් නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට ඇමැති මණ්ඩලය ගෙන ඇති තීරණය වහාම අහෝසි කර එම නිලධාරීන් 15000 ස ගුරුසේවයට අන්තර්ග්‍රහණය කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටි.

එසේ නොකළ හොත් සතියක් තුළ උපාධිධාරීන් කොළඹට ගෙන්වා දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ද එම සංගමය අවධාරණය කරයි. මරදාන සමාජයීය හා සාමයික කේන්ද්‍රයේ දී රැකියාලාභී උපාධිධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීමේ කරුණු අනාවරණය කළේය.

සෙසු උපාධිධාරීන් පළාත් හා රේඛීය අමාත්‍යාංශ දෙපාර්තමේන්තු සතු පුරප්පාඩු සඳහා ද කඩිනමින් අන්තර්ග්‍රහණය කිරීමටත් නව සේවා ස්ථාන ලබා දීමේදී උපරිම දිස්ත්‍රික් හා පළාත් සීමාවන්ට යටත්ව අන්තර්ග්‍රහණය කිරිමටද කටයුතු කරන ලෙසද ඉල්ලයි.

පසුගිය රජය සමයේදී ආර්ථීක සංවර්ධන අමාත්‍යාංශය යටතේ බැසිල් රාජපක්ෂ මහතා මෙම නිලධාරීන්ව යොදා ගත්තේ පැළ සිටුවීමටත්, ඇට බෙදීමටත්, දේශපාලන රැස්වීම් සංවිධානය කිරීමටත් බව පෙන්වා දෙයි. වත්මන් රජය ආර්ථික සංවර්ධන නිලධාරීන්, නිවාස සහ සමෘද්ධි අමාත්‍යාංශය සඳහා අනුයුක්ත කිරීම නිසා උපාධිධාරීන්ගේ වෘත්තීය තත්ත්වය හෑල්ලුවට ලක් වන අතර ඔවුන්ට සමෘද්ධි නිලධාරීන් හා ග්‍රාම නිලධාරීන් යටතේ සේවය කිරීමට සිදු වන බවද පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 25 February 2015 09:17