May 14, 2024

විමල්ගේ බිරිඳ පෞද්ගලික රෝහලෙන් රැගෙන ගිය අයුරු (VIDEO)

රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය ප‍්‍රතිකාර ලැබූ මාළඹේ පෞද්ගලික රෝහලේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ.

ශෂී වීරවංශ මහත්මිය ඊයේ පස්වරුවේ මාලඹේ පිහිටි පෞද්ගලික රෝහලෙන් පිටතට රැගෙන ගියේය.

බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කර තිබූ මෝසමක් සළකා බැලීමෙන් අනතුරුව ශෂී වීරවංශ මහත්මිය සම්බන්ධයෙන් බන්ධනාගාර ප‍්‍රධාන වෛද්‍යවරයාගේ අධීක්ෂණය යටතේ සුදුසු ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය ඊයේ (24) නියෝග ක‍ළේය. 

අවිධිමත් ලෙස සකසන ලද රාජතාන්ත‍්‍රික ගමන් බලපත‍්‍රයක් ළඟ තබාගැනීමේ චෝදනාව යටතේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 22 වන දින ශෂී වීරවංශ අත්අඩංගුවට ගත් අතර අනතුරුව ඇය පරීක්ෂා කිරීම සඳහා ප‍්‍රතිකාර ගනිමින් සිටි පෞද්ගලික රෝහලට පැමිණි කඩුවෙල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා ඇය අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කළේය. 

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Thursday, 26 February 2015 08:07