May 14, 2024

ත්‍රි‘මලය වරාය ඉඩමේ පස් කැපීම ඇමති අර්ජුන නවත්වයි

February 25, 2015

ත්‍රිකුණාමලය වරායට අයත් ඉඩම්වල කාලයක් පුරාවට පවත්වාගෙන ගිය පස් කැපීමේ ජාවාරම වහාම නතර කරන ලෙස වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් ලබා දී තිබේ.

මෙම පස් කැපීම සඳහා පරිසර වාර්තාවක් හෝ ශක්‍යතා වාර්තාවක් අදාළ පුද්ගලයන් ලබාගෙන නොමැති බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පසුගියදා ත්‍රිකුණාමල වරායේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අමාත්‍යවරයාට එහිදී ලද තොරතුරක් අනුව සොයාබැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

 

Rate this item
(0 votes)