May 14, 2024

19 වැනි සංශෝධනය හා තොරතුරු දැනගැනීමේ පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට

February 25, 2015

19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය හා තොරතුරු දැනගැනීමේ පනත ලබන මස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ඊයේ (24) රැස්‌වූ ජාතික විධායක සභාව විසින් තීරණය කර ඇත.

පසුගිය සමයේ ඝාතන හා පැහැරගැනීම් පිළිබඳ සොයාබැලීමට විශේෂ කමිටුවක්‌ පත් කිරීමටද මෙහිදී තීරණය කළ බව එම සභාවේ සාමාජික අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මේ අතර ආචාරධර්ම පද්ධතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවත් ත්‍රිකුණාමලය සාම්පූර් ප්‍රදේශයේ ජනතාවගෙන් ලබාගත් අක්‌කර 800 ක භූමි ප්‍රදේශය නැවත එම ජනතාවට ලබාදීමට ජාතික විධායක සභාවේදී තීරණය කළ බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසී ය.

 

  

Rate this item
(0 votes)