May 14, 2024

මේක පික්පොකට් ගහපු අගමැති කමක් - නලින් ද සිල්වා

February 24, 2015

මේ රටේ ජනතාව ඡන්දය ලබා දුන්නේ රනිල් අගමැතිවරයා බවට පත්කිරීමට නොවන බවත්, අගමැති ධූරය රනිල් විසින් පික් පොකට් ගසා ඇති බවත් මහාචාර්ය නලින් ද සිල්වා අද(24) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

ලංකාවේ මාධ්‍ය නිදහසට බියකරු තත්ත්වයක් උදාවෙමින් පවතින බවත් අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට තර්ජනය කරන බවත් 'ජාතික බලය' සංවිධානය වෙනුවෙන් මහාචාර්ය නලින් ද සිල්වා මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගමැති ධූරය පික්පොකට් ගැසූ අන්දමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිප යේ සභාපති ධූරය හිටපු ජනපතිගෙන් පික්පොකට් ගැසූ බවද ඔහු කියා සිටි.

රනිල් වික්‍රමසිංහ මහතා සිංහල පුවත්පත් වල පළවන ලිපි සම්බන්ධයෙන් තර්ජන එල්ල කළද උතුරේ උදයන් පුවත්පත සම්බන්ධයෙන් කිසිවක් නොකියන බවද හෙතෙම සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 20:03