May 14, 2024

'ජාතිවාදය පතුරවන හකීම් මහින්දගේ කෙනෙක්' - දයා ගමගේ

February 24, 2015

හිටපු අමාත්‍ය රවුෆ් හකීම් මහතා පසුගිය ජනාධිපතිවරණයේදී අවංකව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය නොදුන් බවත් ඔහු හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුද්ගලයෙකු බවත් එජාප ජාතික සංවිධායක දයා ගමගේ මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසුවේය.

නමුත් රවුෆ් හකීම් මහතාට නාගරික සංවර්ධන හා ජලසම්පාදන අමාත්‍යධූරය වැනි හොඳ අමාත්‍යාංශයක් ලබා දුන් බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විට රවුෆ් හකීම් අමාත්‍යවරයා ජාතිවාදය අවුස්සමින් කටයුතු කරන බවත් සිංහල මන්ත්‍රීවරයෙකුට නැගෙනහිර මහ ඇමති වීමට ඉඩ ලබා දිය නොහැකි යැයි ඔහු ප්‍රකාශ කර ඇති බවත් දයා ගමගේ මහතා පැවසී ය.

2008 පත් වූ නැගෙනහිර පළාත් සභාවෙන් මේවනතෙක් ජනතාවට සේවයක් සිදු කර නොමැති බවත් පසුගිය ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය ලබාදීමට කල්මුණේ හා අක්කරෙයිපත්තු ප්‍රදේශවල තමන් සංවිධාන කළ රැස්වීම්වලට රවුෆ් හකීම් මහතා සහය නොදුන් බවත් එම රැස්වීමකට ප්‍රහාරයක් එල්ල වූ බවත් ඔහු සඳහන් කළේය. 

බොරු පොරොන්දු දී පාර්ලිමේන්තුවට ගොස් මහින්ද රාජපක්ෂ සමඟ එක්ව කැබිනට් ඇමති ධූරයක් ද ලබාගෙන ජනතාවට සිදු කළ සේවයක් නොමැති බව ද දයා ගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 17:22