May 14, 2024

රජයේ යතුරුපැදි ලාභී ක්ෂේත්‍ර නිලධාරීන්ට රියදුරු බලපත්‍ර නෑ

February 24, 2015

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ක්ෂේත්‍ර නිළධාරීන් හට යතුරුපැදි ලබා දීමේ උත්සවයක් අමාත්‍ය නවීන් දිසානායක, රාජ්‍ය අමාත්‍ය රාධාක‍්‍රිෂ්ණන් සහ නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් ඞී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(23) නුවරඑළිය නාගරික ක‍්‍රීඩාංගණයේදී පැවැත් විය.

එසේ ලබා ගත් යතුරුපැදිය ක්ෂේත්‍ර නිළධාරිනියක විසින් තම නිවස කරා රැගෙන යන අවස්ථාවේ නුවරඑළිය ගම්පොළ ප‍්‍රධාන මාර්ගයේ තවලන්තැන්න ප‍්‍රදේශයේදී ඉදිරියෙන් පැමිණි ත‍්‍රීරෝද රථයක ගැටී අනතුරකට මුහුණ දුන්හ.

නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ ක්ෂේත්‍ර නිළධාරීන් තුන්දහස් පන්සිය දෙනෙකු 3500 යතුරුපැදි ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබා ඇති අතර රු. පනස්දහසක (50000) මුදලකට මෙම යතුරුපැදි ලබාදී තිබුණි.

ඊයේ (23) පස්වරු 3 ට පමණ සිදුවූ මෙම අනතුරින් යතුරුපැදියේ ගමන් ගත් ත්ෂේත්‍ර නිළධාරිනිය ඇතුලු තවත් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබේ. මෙසේ යතුරුපැදි ලබාගත් රජයේ නිළධාරීන් බොහෝ පිරිසකට රියදුරු බලපත‍්‍ර නොමැති බවත් මේ වන විට අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසීය.

Rate this item
(0 votes)