May 15, 2024

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු පොලිය ඉහළ දැමීමට අනුමැතිය

February 25, 2015

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය අනුමැතිය ලබා දී තිබේ.

මුදල් අමාත්‍යංශය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා සියයට 15 ක පොලියක් ගෙවීමට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත අනුමැතිය ලබා දී ඇති බව මුදල් අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා පවසයි. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ප්‍රතිලාභ ලබාදීම පසුගිය අතුරු අය වැය තුළින් ඉදිරිපත් කර ඇති යෝජනාවලින් එකකි.  

දැනට රාජ්‍ය බැංකුවල උකස් රන් භාණ්ඩ සඳහා පොලී අනුපාත පනත් කෙටුම්පතක් සූදානම් කෙරෙමින් තිබෙන බවත් අදාළ අනුමැතිය ලබන සිකුරාදා නිකුත් කරනු ඇති බවත් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ජාතික ගුවන් විදුලියට පවසා ඇත.

Rate this item
(0 votes)