May 15, 2024

සිංගප්පූරු විදේශ ඇමති ජනපති හමුවෙයි 

February 24, 2015

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි සිංගප්පූරු විදේශ කටයුතු සහ නීතිය පිළිබඳ අමාත්‍ය කේ. ෂන්මුගන් මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. 

සිංගප්පූරු විදේශ අමාත්‍ය කේ. ෂන්මුගම් මහතා නිල සංචාරයක් සඳහා ඊයේ (23) දිවයිනට පැමිණියේය. 

සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා සමඟ හත් දෙනෙකුගෙන් යුත් දූත පිරිස සිංගප්පූරුවේ සිට ඊයේ පස්වරුවේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 307 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ. 

ෂන්මුගමන් මහතා දිවයිනේ රැඳී සිටින කාලය තුළ දී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට ඉහළ පෙළේ නිලධාරීන් රැසක් මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතය.

 

Rate this item
(0 votes)