May 15, 2024

මාලක සමාජ ශාලාවලට යන්න අවසර ඉල්ලයි

February 24, 2015
බම්බලපිටියේ පිහිටි රාත්‍රි සමාජ ශාලාවක දී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට එරෙහිව පවරා ඇති නඩුව අද (24) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දී විභාගයට ගෙන ඇත.
 
එහිදී සමාජ ශාලාවලට නොයන ලෙස මාලක සිල්වාට පනවා ඇති තහනම ලිහිල් කරන්නැයි ඔහුගේ නීතීඥවරු කොළඹ මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.
 
එම ඉල්ලීම දිවුරුම් පෙත්සමක් මඟින් ඉදිරිපත් කරන ලෙස ඔහුට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය නඩුව එළඹෙන මාර්තු 23 වැනිදා දක්වා කල් තබා ඇත.
 
මෙම නඩුව මීට පෙර කැඳවූ අවස්ථාවේ දී නඩුව අවසන් වන තෙක් සැකකාර මාලක සිල්වාට රාත්‍රි සමාජ ශාලාවලට ඇතුළුවීම තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මොහොමඩ් සහබ්දීන් මහතා නියෝග කෙළේය.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 15:34