May 15, 2024

‘ශිරානි බණ්ඩාරනායක’නඩුව ඉවත් කරන්න ‘විත්තිය’අකමැති වෙයි

February 24, 2015

විශ්‍රාමික අග විනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති වත්කම් හෙළි නොකළැයි පැවසෙන නඩුව ඉල්ලා අස්කර ගැනීමට පැමිණිල්ල කැමති වූවත් විත්තිය අකමැති වී ඇත.

බණ්ඩාරනායක මහත්මියගේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නලින් ලද්දුහෙට්ටි මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කියා සිටියේ නඩුව අවසන් කිරීමට තමා විරුද්ධ බවයි.

බණ්ඩාරනායක මහත්මිය ඇගේ ගිණුම් පවත්වාගෙන යන එන්.ඩී.බී බැංකුවෙන් ඉල්ලූ විස්තර දෙන ලෙස අධිකරණය කලින් කළ නියෝගය ක්‍රියාත්මක කරන ලෙසද ඔහු ඉල්ලා සිටි.

එම බැංකුවේ ඇතැම් නිලධරයන් ශ්‍රී ලංකා මහ බැංකුවද සමග එක්වී බණ්ඩාරනායක මහත්මියගේ අනුදැනුමකින් තොරව බැංකු ගිණුම්වල මුදල් එහාට මෙහාට කර ඇතැයිද ඊට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් කළ යුතු යැයිද පැවසූ ලද්දුහෙට්ටි මහතා මේ ගැන අල්ලස් කොමිසමටද පැමිණිලි කර ඇති බවත් පෙන්වා දී ඇත. මේ අනුව මහේස්ත්‍රාත්වරයා නඩුව අප්‍රේල් 28 වැනිදාට කල් තැබීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 15:43