May 10, 2024

යුද සමයේ උතුරේ මුස්ලිම් ජනයාටත් අසාධාරණයක් - ජිනීවා පරික්‍ෂණයක් ඉල්ලයි

February 24, 2015

එල් ටි ටි ඊ සංවිධානය යුධ සමයේ උතුරු පළාතේ සිදු කළ මුස්ලිම්, සිංහල ජනතාව සමූල ඝාතනය කිරීම, දේපළ හානි  සහ සිය අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන්ද ජිනිවා මානව හිමිකම් සංවිධානයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඉල්ලීම් කරමින් උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මත කළ යුතු බවට උතුරු පළාත් මුස්ලිම් ජනතා අයිතීන් සුරැකීමේ සංවිධානයේ (NMRO) සංවිධායක එම්.එම්.අමීන් මහතා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

අමීන් මහතා පැවසුවේ පසුගිය යුධ සමයේ උතුරු පළාතේ දෙමළ ජනතාවගේ මානව සංහාරයක් සිදු වු බවට ජිනිවා මානව හිමිකම් සංවිධානයේ පරීක්ෂණයක් ඉල්ලීමට උතුරු පළාත් සභාව පසුගිය 10 වැනිදා යෝජනා සම්මත කළ ආකාරයටම,එල්.ටි.ටි.ඊ සංවිධානය 1990 වසරේ උතුරු පළාතේ සිදු කළ මුස්ලිම් ජනතාව පළවාහැරීම,මුස්ලිම් හා සිංහල ගම්මානවල වැසියන් සමූල ඝාතනය කළ ආකාරය සම්බන්ධයෙන් ජිනිවා මානව හිමිකම් සංවිධානයෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස තම සංවිධානය පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කොට ඇති බවයි.

එල්.ටි.ටි.ඊ සංවිධානය 1990 සැප්තැම්බර් 27 හා 28 දිනවල පැය 48 ක කාලයකින් උතුරු පළතේ මුස්ලිම් ජනතාව එළවා දැමීමට කටයුතු කොට තිබූ බවද හෙතෙම පෙන්වා දෙයි.

ඒ අනුව අමීන් මහතා වැඩිදුරටත් පැවසුවේ උතුරු පළාත් සභාව තුළ ජිවත්වන දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාව සියලුදෙනා වෙතම සාධාරණත්වය ඉටුකිරීමට පළාත් සභාව කටයුතු කළ යුතු බවය.

වන්නි - රොමේෂ් මධුෂංක

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 14:17