May 10, 2024

පුද්ගලයෙකුට පහරදුන් පොලීසියේ හයක් අත්අඩංගුවට

February 24, 2015
සූරියවැව පොලීසියේ දී පුද්ගලයෙකු මියයෑම සම්බන්ධයෙන් සූරියවැව පොලීසියේ සේවය කළ නිලධාරීන් හයයදෙනෙකු අත්අඩංගුවට ගෙන අද (24දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
 
සූරියවැව පොලීසිය විසින් පසුගිය 19 වැනිදා මත්පැන් ළඟ තබාගැනීමේ වරදට එල්.කේ. සමන්ත නමැති 34 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු 22 වැනිදා පොලිස් අත්අඩංගුවේ සිටියදී මිය ගොස් ඇත.
 
පහරදීම හේතුවෙන් අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට සිදුවූ හානිවලින් ලේ ගැනීම් නිසා මෙම මරණය සිදුවූ බවට අධිකරණ වෛද්‍ය පරීක්ෂණයේදී හෙළිවී ඇත.
 
Rate this item
(0 votes)