May 10, 2024

විමල්ගේ බිරිඳ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස නියෝගයක්

February 24, 2015

කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ මහත්මිය බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (24) නියෝග කළේය.

ශෂී වීරවංශ රැදී සිටින මාළඹේ ප‍්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහල වෙත ඊයේ (23) පස්වරුවේ පැමිණි කඩුවෙල මහේස්ත‍්‍රාත්වරයා ශෂී වීරවංශ පෙබරවාරි 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් කළේය.

මේවන විට බන්ධනාගාර රැකවල් සහිතව ශෂී වීරවංශ මහත්මිය මාළඹේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර ඇය හෘද රෝගී තත්වයකින් පසුවන බැවින් බන්ධනාගාර රෝහලට මාරු නොකරන ලෙසත් ඇය කොළඹ ජාතික රෝහල වෙත මාරුකරන ලෙසත් ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයින් අධිකරණයෙන් ඉල්ලා ඇත.

පසුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර ඇත්තේ සැකකාර ශෂී වීරවංශ මහත්මිය පළමුවෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර එහි ප්‍රධාන වෛද්‍යවරයාගේ නිර්දේශය මත කොළඹ ජාතික රෝහලට මාරු කරන ලෙසයි. 

 

Rate this item
(0 votes)