May 10, 2024

පොළොන්නරුවේ වැලි කම්කරුවන්ට මෙහෙම වුණේ මුදලාලිලා නිසාලු

ජනපති නියමයෙන් විදිමත් පරීක්ෂණයක් සිදු කොට අවසර දෙන තෙක් පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහ මහවැලි ගඟ ආශ්‍රීත වැලි ගොඩ දැමීමේ ව්‍යාපාර නවතා දැමීමෙන් මේ වන විට එදිනෙදා ජීවිකාව කර ගත් කම්කරුවන් රැසක් කර කියාගත දෙයක් නොමැතිව අසරණ වී සිටින බව වැලි මංකඩ කම්කරුවෝ සහ ටිපර් රථ රියදුරන් සඳහන් කරයි.

ඔවුන් චෝදනා කරන්නේ මහ පරිමාණ වැලි මුදලාලිලා ඉලක්ක කරගනිමින් රජය ගත් මෙම තීරණය හේතුවෙන් පහර වැදී ඇත්තේ භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ අධීක්ෂණය යටතේ වැලි සමාගමේ ජීවිකාව සිදු කළ තමන් වැනි පිරිසට බවය.

යන්ත්‍රි බාවිතා නොකර වැලි කූඩ කර මතින් පමණක් වැලි ගොඩ දමන පිරිසට මේ හේතුවෙන් දැඩි අසාධාරණයක් සිදු වී ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

මෙම විරෝධතාවය සඳහා එක්ව සිටින්නේ මහවැලි ගඟ දකුණු ඉවුරේ සහ වම් ඉනුරේ සංගම් දෙක සහ ටිපර් රථ රියදුරන් පමණක් වන බැවින් කිසිදු වැලි මුදලාලි කෙනෙකු තම ඉල්ලීම් සඳහා සහය නොදක්වන බවද පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් වූ විරෝධතාවයක් ඊයේ (23) කදුරුවෙල නගරයේ දී පැවැත්වුණි.

ඊයේ ජනාධිපතිවරයාද පොළොන්නරුවේ සංචාරයක් සිදු කළ අතර උද්ඝෝෂකයන් විරෝධතාවයේ නිරත වෙමින් පොළොන්නරු නගරය කරා යෑමට පියවර ගෙන තිබුණත් පොලිසියේ බාධා කිරීම් මත එම පා ගමන පොළොන්නරුව මහ රෝහල අසළින් අවසන් කිරීමට සිදු විය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අද දිනයේදී උතුරු මැද පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත් වීමටත් නියමිතය.

සමීර - පොළොන්නරුව

(වීඩියෝව පහළින් නරඹන්න..)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 12:45