May 10, 2024

සෞදියේ මරණ දඬුවම ලැබූ ලාංකිකයින් ගැන සාකච්ඡා කල් යයි

February 24, 2015
සෞදි අරාබියේ මරණ දඬුවමට නියමව සිටින ශ්‍රී ලාංකිකයින් තිදෙනාට නිදහස ලබා ගැනීම සඳහා වන සාකච්ඡා එළඹෙන 27 වැනිදා දක්වා කල් දමා ඇති බව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.
 
ඒ අනුව අදාළ සාකච්ඡා සඳහා ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස අමාත්‍ය රවුෆ් හකීම් මහතා එළඹෙන 27 වැනිදා සෞදි අරාබියට පිටත්ව යාමට නියමිත බව ද වාර්තා වේ.
 
කෙසේ වෙතත් රවුෆ් හකීම් මහතා එළඹෙන 27 වැනිදා සෞදියේ ඔටුන්න හිමි කුමරු සමග මේ පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇති.
 
තවද එහි ප්‍රතිඵලය නිකුත් වන තෙක් අදාළ ශ්‍රී ලාංකිකයින් තිදෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක නොකරණු ඇතැයි ද අමාත්‍ය තලතා අතුකොරළ මහත්මිය විශ්වාස පළකරයි.
 
2007 වසරේ දී යේමන් ජාතිකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන්ට සෞදි අධිකරණයකින් මරණ දඬුවම නියම කෙරුණු අතර එය එරට ශ්‍රේෂ්ඨාධිකරණය ද පසුගියදා යළි තහවුරු කළේ ය.
 
සොරකම් කිරීම හා මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මොවුන් අධිකරණය හමුවේ වරදකරුවන් වී තිබේ.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 February 2015 11:17